නන්දා..

.
සුන්දරයි ඈ
නමින් නන්දා
ගමේ උන් අය
සෙනේ බැන්දා
දීග යන්නට උන්නෙ
ඔහු හා
නමින් ඔහු
සුගත් උන්දා..

.
ඉඹුල් ගහ යට
සෙනෙහෙ දුන් දා
ඇට මාල වැල්
ගෙලේ බැන්දා
පුංචි රතුමල්
දෙකක් කඩලා
සුගත් නන්දට
තිලක තිබ්බා..

.
සඳක් වන් ඒ
මූණ හින්දා
වැවේ රැලි
සිතුවමක් ඇන්දා
සිදාදියෙන් දුන්
සෙනෙහෙ හින්දා
නන්ද ඒ දණ්ඩෙනුත් පැන්නා..

.
කුමරියක් වූ
ගමේ නන්දා
ගෙලත් වැල ලා
මියැදීල තිබුණා
සෙනෙහෙ පිරි ඒ
දෑතෙ රැදිලා
ඇට මාල වැල්
දෙකක් තිබ්බා...

.
#_අනුsh_

Comments

Popular Posts