සැගව ඇත තිත්ත රස..


.
දයාබර සුහදිනිය,
නික්ම යමි මං මෙලෙස
මහා මූකලානයක
රැදුණු ඒ අදුර ලෙස
ගුප්තවම පිට කරමි
උණුසුම්ම හැගුම්පොද..
.
සිහිල් පවනක් විලස
මං ඉන්නවා නිබද
ජීවිතේ කටුක රස
හප කරමි නුඹෙ නමට..
.
අඩ සඳට මැදින් වූ
පුංචි රතු තිලකයම
සිපගනිමි ඉතිං මං
සුළඟක් ව හමන විට..
.
කිම්ද මේ කෙවෙනි අග
බිදු කදුළු කැට මෙලෙස
'අන්න එතනයි සොදුර'
මට හුගක් රිදුනු තැන
උස්ම කදු මුදුන් වල
සැගව ඇත තිත්ත රස..
.
#_අනුsh_

Comments

Popular Posts