එහෙමයැ, ජීවිතය..

මහළු බෝ ගස් පවා
ඉකි බිදින යාමයක
සිනිඳු සපු මල් පවා
කුරිරු වන කාලයක
මල් උයනෙ බංකුවක
සෙමින් ඉදගත යුතුය.
.
අතැර ගිය සමණලිය
ගල් කුලක හැප්පෙද්දි
"අහෝ ඕ සියුමැලිය ,
කමා කල මැන සුළඟ"
සිතින් හිත පිරි නොමැද
සෙනෙහෙ පා කල යුතුය.
මග හැරුනු හැරෙන තැන්
තදින් සිහි කල යුතුය.
හීනියට සීරුවට
තරුවකට කිව යුතුය.
.
එහෙමයැ ජීවිතය
පෙරහැරකි මහ දිගම
ඔබත් කොයි හරි තැනක
නැට්ටුවෙක් විය යුතුය.
.
#_අනුsh_

Comments

Popular Posts