වෙන නමක් කියන්නේ කොහොමද?

සුළඟ වැනි
අල්ලාගත නොහැකි දෙයකට
කන් තිබිය හැක..!!
.
ඉතින් ඔබ කොදුරන්නෙ,
මා මනස පටලන්නෙ
මේ වගක් දැනගෙනද?
.
කල්පයකට වරක් ඉපදෙන
තනි තරුව ලඟ තනියම
'ආදරෙයි මං ආදරෙයි'
කියා ඔබ අමතද්දි..
මම උනත් නිශ්ශබ්ද එක තැනකි
ඔබ නොදන්නේ ඒකද?
.
දිගක් පළලක් නැතිව
අපි හෙලන මේ සුසුමට
තෙතක් දිය යුතු තැනදි..,
ප්‍රේමය..!!
යැයි නොකියා
වෙන නමක් කියන්නේ
කොහොමද..?
.
#_අනුsh_

Comments

Popular Posts