ඔබෙන් අහලා වැඩක් වේවිද?

මලක් කැමතිම
මලේ නම ගැන
කිසිදු වදනක්
මෙහි තබා නැත
විලේ ගැඹුරුම
පතුල පිළිබඳ
කිසිදු රකුසෙක්
මට කියා නැත
සිඳු උනත් ලුණු
රසට කැමතිද
කිසි අයෙක්
ඔහුගෙන් අසා නැත
ඔබ සඳක් නම්
වළාකුළු ගැන
ඔබෙන් අහලා
වැඩක් වේවිද?
.
#_අනුsh_

Comments

Popular Posts