මන්ද්‍ර ස්වරයක්..

.
බොහොමයක් දවස්වල
සිතෙහි සීනෙන් සරන
නොදන්නා මල් උයන්
වංගුවෙන් මට පෙනෙයි.
.
පිච්ච, වතුසුද්ද, කහ මල්
රෝස, කටරොළු-සමන් මල්
බොහෝ ඉස්සර පිපුණු සළකුණු
උයන් පල්ලෙක් මවෙත පෙන්වයි
අවදි වෙන්නැයි මා කොනිත්තයි.
.
අන්න ඒ අවසාන තත්පරෙ
සන්තාපයේ පරව ගිය මල්
ඉකි ගසාගෙන අවදිවෙයි
අළු ගසා නිද්‍රාවෙ කිමිදී
හෙට උදෑසන අවදි වීමට
මන්ද්‍ර ස්වරයක් ඔබගෙන් යදියි !!
බොහෝ ඉස්සර මල් උයන්වල
මල් පිපී හිනහුනු දවස්වල
මවෙත මිමිණූ ගීතමයි
'එහෙව් නැළවිලි ගීතමයි'
.
#_අනුsh_

Comments

Popular Posts