දුක කියන්නෙත් ප්‍රේමයට..!!

කොච්චර උනත්
මේ ඉර හඳ යට
මදටියා වැටෙන්නේ
උන්ට හුරු රිද්මයට.
මහ වැව උනත්
නොසෙල්වී බැරි කමට
රැළි හදන්නේ තාලයට.
නෙළුමිය උනත්
බඹරෙක්ට ඉඩ දෙන්නෙ
හඳේ ගැඹුරුම ආලයට.
ගොඩක් අය ඇති තැනක
තනිය තනිකම කියන්නේ
ඔයා නැති පාළුවට.
කවුරු කවි ලීවත් නැතත්
දුක කියන්නෙත් ප්‍රේමයට.
.
#_අනුsh_

Comments

Popular Posts