'ප්‍රේමයක්' ගැන අමුතු දෙබසක්..!!


.
මිතුරු මලවිය නුඹේ දුන්නේ
කොතැන හෝ පොඩි
පලුද්දක් ඇත
නුඹේ හී සර පහර කාවැද
පෙම් හිතක්
හතරට පැලී ඇත.
.
ඊයෙ හවසත් ආදරේ ගැන
ගීත විතරක් අස අසා හිද
මියුරු පෙම් කවි ලියන සගයෙක්
විප්‍රයෝගය බදාගෙන ඇත.
.
දවා අළු කල රෝස පිටු'තර
වසර හතරක 'ප්‍රේමයක්' ගැන
මොකක්දෝ මහ අමුතු දෙබසක්
රෝස පැහැයෙන් කුරුටු ගා ඇත.
.
තිබුණු විදියට
ප්‍රේමයක් ගැන
අනන්තය තෙක්
උන් සිතා ඇත
සිත නිවාහල, සිහින ලෝකෙක
යුවල සිතු සේ පියාඹා ඇත.
.
කුණාටුව මඟ එනව දැක දැක
එකෙක්වත් ඒ දෙස බලා නැත
නුඹේ මහ ලොකු මලවි හී සර
උන්ට කිසිවක් උගන්වා නැත.
.
මිතුරු මලවිය, නුඹේ හී වල
ලොකු වැරැද්දක්
සොයාගෙන ඇත.
ආදරේ මිස ප්‍රේමයක් නම්
කිසිම හීයක
ගෑවිලා නැත.
.
#_අනුsh_

Comments

Popular Posts