නෙළුම් මල් වැව..

වැව උනත් නාහෙට අහන්නැත
නෙළුම් මල් වල අතීතය ගැන
චරිත සහතික ලියයි දිගටම
වැවක පාවෙන ඕලු පත්වල
ඔය මුකුත් දන්නැතුව වාගේ
සුවඳ බෙදනව නෙළුම් කුමරිය
අයාලේ යන බඹරු කැදවා
උගන්වනවා මලක මුදු බව
පෝය හතරක් තිස්සෙ ඉදලම
නෙළුම් මල් දැන් පිපෙන්නේ නැත
ඒත් වැව ගැන දන්න උදවිය
කිව්වෙ ඒකට නෙළුම් මල් වැව.
.
#_අනුsh_

Comments

Popular Posts