තවත් වෙණ නද..


.
මමත් මට හිමි
නොමැති මිනිසෙකි
ගසක් පඳුරක්
නොරැදි කතරකි
ගඟක් ගඟකට
අහිමි වෙන හැටි
සයුර අසබඬ
ඇසින් දුටුවෙකි.
.
මමත් මමවත්
නොමැති තැනකදි
ඔබත් කඳුලත්
දරාගත්තෙමි
ලදත් රැයකට
සඳෙන් සැරසිලි
අමාවක රෑ
සඳක් නොදිටිමි.
.
මලක් මලකට
අහිමි වී ඇති
කෙනෙක් අනිකෙක්
තව මෙතන නැති
විලක් පොකුණක්
නොමැති තැනකදි
තවත් වෙණ නද
වෙහෙස පමණකි.
.
#_අනුsh_

Comments

Popular Posts