කම්පන..!!

ඇතැම් කම්පන දිගය
මේවගේයැයි කිව නොහැකිය
රිදුම් දෙන්නේ
සිනහ විය යුතු තැනදිය.
.
"පසු කලකදී ඇය විසින් එවා තිබූ පිටු 'දහ අටක්' දිගු ලිපියේ සදහන් වී තිබූ පරිදි මහ සයුර තරම් ඈ ඉවසා තිබිණ, නිල් අහස තරමටම එය විසාල විය. නමුත් මහ සයුර සුනාමියක් කරන්නටත්, නිල් අහස කළු අහසක් කරන්නටත් හඩු පැහැති ඇගේ කේන්දර කොපිය බලවත් වී තිබිණ. ලැවැන්දර් සුවද කැවූ පෑන් තුඩගින් බෝල අකුරින් එහි ලියා තිබී ඇත්තේ සය අවුරුදු නාටකයකින් අනතුරුව පලමු ආදරය අත්හල යුතු බවකි. ආදරය ආදරය  බැවින්ද ,ප්‍රේමය ප්‍රේමය වූ බැවින්ද මා ඇයගේ කුලුදුල් ආදරවන්තයා නොවූ බව අදටත් තදින් අදහමි. මන්ද යත් මා සැමදා ප්‍රේමවන්තයෙක් පමණක් වූ බැවිණි."
.
හෙට ඉදන් ජීවිතය
කෑලි දෙකකට කඩමි.
ඔබ නමින් ලොකු කොටස
තරු අස්සෙ සතපවමි
පෙම් කතා කිසි විටෙක
පොත පතින් නොකියවමි.
පෙම් චිත්‍රපටි පවා
දැඩිව වාරණ කරමි.
කට්ට කළුවර නිතර
නිසොල්මන් වී බලමි
අවසාන පද පේලි
දැනට හිස්කර තියමි.
.
#_අනුsh_

Comments

Popular Posts