තාම එතැනම මම..

සොඳුර..
හිත අත නෑර
නික්ම ගිය දා සිට
විශ්වය
නුහුරු වී ඇත මට
.
වෙරළ දැන් දැන් ගෙනෙන්නේ
ගුප්ත කාඩම රස
සොඳුර දැන් මට ඇසෙන්නේ
සුළඟෙ කෙදිරිලි ස්වර.
(මතකද,ඒ මියුරු වෙණ නද?)
.
ඔබේ මුව රැදි සුද
සොරාගෙන ඇත සඳ
නෙතේ දිලිසුන පෙම
හංගගෙන තරු කැල
(ඒකයි, කලුවරට මම බය..)
.
සිතේ සිනිඳුම තැන
ඇනේ පෙම නම් සැත
වෙලී සියොතුන් ලඟ
තුනී කරගමි දුක..
(ඒකයි, ලිවිය යුත්තේ මම..)
.
සොඳුර
නික්ම ගිය දින ඔබ
බැස ගියේ නැත ඉර..
(ඒකයි, තාම එතැනම මම..)
.
#_අනුsh_

Comments

Popular Posts