Skip to main content

Posts

Featured

තාම එතැනම මම..

සොඳුර.. හිත අත නෑර නික්ම ගිය දා සිට විශ්වය නුහුරු වී ඇත මට . වෙරළ දැන් දැන් ගෙනෙන්නේ ගුප්ත කාඩම රස සොඳුර දැන් මට ඇසෙන්නේ සුළඟෙ කෙදිරිලි ස්වර. (මතකද,ඒ මියුරු වෙණ නද?) . ඔබේ මුව රැදි සුද සොරාගෙන ඇත සඳ නෙතේ දිලිසුන පෙම හංගගෙන තරු කැල (ඒකයි, කලුවරට මම බය..) . සිතේ සිනිඳුම තැන ඇනේ පෙම නම් සැත වෙලී සියොතුන් ලඟ තුනී කරගමි දුක.. (ඒකයි, ලිවිය යුත්තේ මම..) . සොඳුර නික්ම ගිය දින ඔබ බැස ගියේ නැත ඉර.. (ඒකයි, තාම එතැනම මම..) . #_අනුsh_

Latest Posts

තවත් වෙණ නද..

තනි තනිව..!!

ප්‍රේමයෙන් මුසපත් වෙමී..!!

දනිමි.!