තනි තනිව..!!

.
තනි තනිව ගත්තහම
ඇතැම් මල් සියුමැලි ය.
පිටින් සිලිටි ව ඇතත්
තවත් මල් රළු වැඩිය
ඒත් වට්ටියෙ ඉද්දි
ඒ සැවොම සන්සුන් ය..
.
වෙන් වෙන්ව ගත් පසුව
ගස් උනත් තනිකඬය
'කැලය'  තුල එක් වෙද්දි
ඒ අයත් එක්සත්‍ ය.
.
වඳ වෙන්න කල් බලන
කල් බලා පද හදන
සමහරක් සමණල්ලු
මල් ලඟදි එඩිතරය
රොන් උනත් අරගන්නෙ
මලට රිදෙනා ලෙසය.
.
#_අනුsh_

Comments

Popular Posts