මිරිවැඩි..

ඔබ තුමා විසි කෙරුව
පුංචි මිරිවැඩි සඟල
නැති උනත් මට හැකිය
පොළවෙ පයගහ යන්න..
විමසුවොත් මව් තුමිය
හැකි වේවි තෙපලන්න
මුසාබස් වට්ටෝරු
පව් බවක් දැන දැනම..
.
වැලි කැටයෙ හද ගැස්ම
දුහුවිල්ලෙ මුඩු සුවඳ
නුහුරු මුත් ඔය හිතට
අන්න අර මඩ වගුරෙ
පුළුවනිය පීනන්න..
බය නැතිව එක දිගට
.
පුංචි බේබිත් එක්ක
අයනු ආයනු කීම,
සුදු පාට ටයිල් කැට
මිරිවැඩිය පෑගීම
ඔය වගේ ලිස්ට් එකක්
ඔබ සතුය පවසන්න..
.
මෙහෙකාරිගේ කොලුව
ගොඩ යාවි යම් දිනක
පුංචි බේබිත් එක්ක
හැප්පේවි එක උසට..
.
අන්න අර කෙලෙවරක
මකුළු දැල දුටුවාද?
සමණල්ලු කොයි එකත්
අසරණයි දැල් ගාව.
.
#_අනුsh_

Comments

Popular Posts