හිස් අහස..!!

.
ලාම ලා නිල් පාට
පුළුං නැති හිස් අහස
වෙත දුවන උකුස්සෙක්
මටත් ඇවටිලි කලා
මෙහෙ ඇවිත් පියඹන්න
හිසේ බර මට දෙන්න
අන්න අර කදු මුදුනෙ
තිත ලඟට ඉගිලෙන්න..
.
සුළඟ හා හිනහෙන්න
ටිකක් දොඩමළු වෙන්න
හිතේ බර සුළඟ අත
කදු අස්සෙ හංගන්න
හූ කියපු උන් එක්ක
එපා විරසක වෙන්න
මෙන්න මේ විදියටම
තිත ලඟට ඉගිලෙන්න..
.
වඩා හැඩ කොයි ගඟද
එපා උන් සසදන්න
ගං දියක සිසිල ගැන
ඔය හිතේ රදවන්න
මං කියපු කන්ද වෙත
හෙමි හෙමින් පියඹන්න
ජිවිතය දිනන දා
නෑසෙන්න හිනහෙන්න..
.

#_අනුsh_

Comments

Popular Posts