තෙතක් නොපතනු...!!

.
කොහෙන් හෝ සුදු
පාට අහුලන්
අහසෙ හරි මැද
අදිනු රවුමට
හාවො නැති මුත් - පිරුණු පුරහඳ..
.
වළාකුළු ඇති
අඳුරු දිනවල
කදෝකිමි එළි
එලනු ගගනත
තරු පබලු යැයි - සිතා රැවටෙන..
.
බොහොම ලස්සන
නෙළුම් විල මත
පාව දිලෙනා
නෙළුම් පත් යට
පරිස්සම් කර
සිනහ හංගනු
එයත් ඕනෑ - වේවි දවසක..
.
ප්‍රිය සුළඟ අර
මදටියා ඇට
එකින් එක
ඇහිදාපු කෙල්ලට
සෙනෙහෙ තවරපු
සෙනෙහෙ පත දෙනු
නික්ම ගොස් ඇගෙ - මකර දූවට..
.
සියක් වසරක් හුදෙකලාවේ
සිටින වග ඇගෙ
හදට මුමුණනු..
තෙතක් නොපතනු ,
ලිපිය පමණක්
සුරතෙ රදවනු..!!
.
එන්න මත්තෙන්
ඇගේ දෙතොලේ
සියවරක් පෙර
සේම දැවටෙනු
ඉකි ගසන ඇගෙ
කෙවෙනි අද්දර
ඇසිල්ලක් හිද
ඇයව සනසනු..
.
සුවඳ විතරක්
ඇයට රහසින්
පෙරාගෙන විත්
මහද තවරනු
එ'සද ඇය මා
නිවා සනහල
මගේ කුටියේ
නිතර ගැවසෙනු..!!
.
#_අනුsh_

Comments

Popular Posts