එක් තැනක්..


.
ජීවිතේ එක් තැනක්
තියෙනවා කොයි එකාටත්
වැරදුනාමයි කියන.
අපි අපිටවත් නොදැන
මතක් වෙනකොට රිදෙන.
.
බඩගානකොට ගස් උඩ
හීන ඔකොම පොදි බැද
වීසි කරනෙමි පොළවට.
අකිකරුයි මේ ජීවිත
ටිකක් ඉහලට යනකොට.
.
කසිප්පු වඩියක මිහිර
ඇඹේනියගෙන් නොලැබුන
අමුතු මිහිරක් දෙනවග
උන් නොදන්නවා ඇත.
ඒ ජීවිත ගෙවෙන්නේ
වීදුරු බතික් මාළිඟා උඩ.
හිරිකිතයි මං උන්ට..
.
තුංග තුරු හිස් මතත්
තියෙනවා මැණික් කැට
දාස් ගානින් නැතත්
සිල්ලරේටම විකිණෙන..
.
#_අනුsh_

Comments

Popular Posts