කට්ට කළුවර තැනකි..

කල් ඉකුත් වූ පසු දැනෙන
තිත්ත මුසු පැණි රසට
තදින් ආශා කරමි.
කිලිටි වෙන යම් දෙයක
කිලිටි නැති ඡායාව
මමද හීනෙන් දකිමි.
ඔබට දුක නැති එකද
ඔබෙන් මා පැතු සතුට
අහිමි සතුටක ගිලෙමි.
කිසිදු උයනක නොමැති
ඉන්ඩිගෝ පැහැ 'මලිති'
මලක් අමතා කියමි.
ඉනික්බිති මද පවන
රැගෙන පලයං මතක
කිය කියා වෙණ වයමි.
සඳක් දිලිසෙන රැයක
සඳ නැතිව දුක් වීම
'තනිකමක්' යැයි හඟිමි..
කවි ලිවීමට නොහැකි
මා මෙන්ම මගෙ සිතද
කට්ට කළුවර තැනකි..!!
.
#_අනුsh_

Comments

Popular Posts