විසිල් අත්පුඩි යදියි උතුමන්..!!

.
හිස් ගසා බිමලන්න නියමිත
රැස් කකා පොදි ගැහෙන පිරිවර
ඇස් වසා කන් බිහිරි කරවන
බස් අසා සැනසෙනා පුරවර
.
වරෙවු ගොළුවනි බිහිරි අලියනි
අසවු හැකිනම් නටවු මිතුරනි
වයවු බැති ගී රාජ බමුණනි
හඬවු නොහඩවු වහල් සොයුරනි..
.
වයින් වල ඇති බඹර හැගුමන්
සෙයින් නික්මෙයි මහගු ඔවදන්
ලෙයින් නැහැවූ දෑත් ඔසවන්
විසිල් අත්පුඩි යදියි උතුමන්..
.
#_අනුsh_

Comments

Popular Posts