ගලන ගඟකට..

එකම තැනකට එකතු වෙනවද
එහෙම නැතිනම්
ගලා යනවද
ඉවුර අසබඩ හිත හිතා සිටි
කඳුරු ගෙඩියක් පැන්න වතුරට.
.
ඊයෙ හවසත් තුරුලු වී හුන්
කිදුරියක හැඩ කඳුරු මෙනවිය
පෙරලිලා ගොස් වැටුණු ලකුණක්
ඉවුර පාමුල
තිබුණි දිගටම.
.
මෙතන මෙහෙමම සිටිනු වෙනුවට
ගඟේ ගහගෙන ගියපු ප්‍රේමය
කොතැනකදි හරි සොයාගන්නට
නෙතක් අඩවන් කරන් ඒ තෙම
පැන්න හෝ ගා ගලන ගඟකට.
.
#_අනුsh_

Comments

Popular Posts