සඳවතිය..!!

ඇල් මැරුණු සඳවතිය අහපන්
එක් වරක් අපි දිහා බලපන්
ඉතුරු කරගෙන තියෙන සේසත
කාට හරි පවරලා දාපන්..
.
පොඩි එවුන් ගැන නොහිත හිටපන්
කිරි-පැණී තරු වලට පුදපන්
අපේ පැල හැර ඕන පැලකට
උඹේ ඔය සඳ වතුර ඉහපන්..
.
සඳලතා ගැන කතා කරපන්
ගිය තැනක් ගැන නොකිය ඉදපන්
රෑට අවිදින් හීන අස්සෙන්
මගේ අඩවැඩියාව අහපන්..
.
කොහෙ දුවන්නද ඔහොම හිටපන්
පුංචි උන්ටත් මේක කියපන්
උන්ගෙ අම්මා මිමිණුවා වගෙ
කයි-කතා මට බැහැයි කියපන්..
.
#_අනුsh_

Comments

Popular Posts