නොදන්නා සේ..

ඔබ නොදන්නා බව ඇත්ත.
ඒත් දැනගන්න..
නොදන්නා සේ හැසිරෙන්න.
.
නොයෙක් පැහැ මල් වර්ග
මෙහේ හැමතැන පිපෙනවා
ඔයා කැමතිම ඉදුණු අඹ ගෙඩි
ඔහේ තැන තැන වැටෙනවා
අර අතන අපි හිටපු තැන්වල
තවත් අය දැං ඉන්නවා
අන්න එතකොට සෝක ගීයක
බටනලා හඬ ඇසෙනවා
"මේ ඔයා මම,නාකි උනහම"
චිත්‍ර පිටුවක් තියෙනවා
ඔයා දන්නැති ලොකුම ලොකුදෙය
ඒක දැක්කම ඇඩෙනවා
ඉතින් නයනා ඔයා කිව්වට
කඳුළු මට බල කරනවා
කොහේ හරි මම කොණක ඉදගෙන
තවත් ඒකම බලනවා
දකුණු කන් පෙති ලං කලෝතින්
තවත් රහසක් කියනවා
ගොඩක් දිනවල සොහොන ළඟ මම
අපේ කවි දිගහරිනවා..
ඔබ අසාවියි හිතනවා.
.
#_අනුsh_

Comments

Popular Posts