රතු පූසි..
.
අංක තිස් හත ගෙදර
නිල් පාට ඇස් ඇත්ති
මීයන්ගෙ යක් දෙස්සි
ඇගේ නම රතු පූසි.
.
කුණු සැමන් ටින් හොයන
ඇසිල්ලක නෙතු ගැටුණි
කහ පාට ලොම් ඇත්ති
ඒත් නම රතු පූසි.
.
'පින්න මල් සෝබනිය
කාණුවේ නිළි රැජිණ'
කටකාර පූස් රැල
ඇයට දුන් නම් පෙළය.
.
කාලයක් ගත වෙච්චි
මේකිනම් හරි දස්සි
පැටව් ඕසෙට බෑව
පිච්ච මල් සඳසාවි.
.
'තිස් හතේ සරු පූසි'
ඇයට නම් ගම් වැටුනි
ෆ්ලැට් එකේ හැමතැනම
මඩ පුවත් ගොඩ ගැසුණි.
.
ඇගේ තර හිමිකාරි
දුන්නු දඩුවම වැරදි
ගම් හතක රැව් දුන්නි
'ඒකි දැන් වඳ පූසි.'
.
සැත්කමට බය නැතිව
පපුව දික් කල පූසි
සැත්කමට පසු දිනම
'ගැඹුරු ළිඳකට වැටුණි.'
.
#_අනුsh_
Comments
Post a Comment