ඒ කම්පනයේ දිග, ඔබ වටහා ගත යුතු නැත..!!

.
බොහෝ සේ රිද්දාපු රිදුමක
සළකුණක් සොය සොයා යනවිට
කොහේදෝ සිට හමපු සුළඟක්
පපුව මැද්දක ගැටී නැවතින..
.
ඒ තරම් සුවඳක් හමා එන
අතීතය නම් මුඩු බිමක් මත
පෙති තුනක් ඇති මලක් පිපුමත්
විශ්මයකි මට, රිදවුමකි සැර..
.
අළු බඳුන් වල අළු ගසා දා
ඇල්කොහොල් රස සිහින තවරා
තවත් ඒ තුල ගිලී යන්නද
විඩාවක් එය, අවදිවන්නට..
.
තුනී සළුවක් එඩිතරව ගෙන
දෑස් වටකර තදින් වෙලුවද
හිතලුවකි මා නෙත් අඳම නැත
උහුල ගැනුමම, ප්‍රේමයක් විය.
.
කවක් හෝ කෙටි කතාවක් වුව
කම්පිතව අවසාන වූවද
තිතට පසුවත් කතාවක් ඇත
වෙළුම් හතරක නව කතාවක..
.
ඉතින් සොඳුරිය, ප්‍රේම ගීතෙක
මියුරු හඬ මිස වෙන දෙයක් ගැන
සිතා නොබලා ප්‍රීති වෙනු මැන
සිතීමක් යනු කතාවක් දිග..
.
#_අනුsh_

Comments

Popular Posts