කොහෙද ඔය නෙල්ලි ගහ..


.
එකත් එකටම ගමේ විස්තර
නෙල්ලි ගහ නම් දන්නවා ඇති.
කොහොම කිවුවත් කුඹුක් ගහටත්
නෙල්ලි ගහ ගැන
ඉරිසියා ඇති.
.
තිත්තෙ හැංගුන 'රසය දහමක්'
ගමේ උන් හට උගන්වන්නැති.
ඒක හින්දම ගමේ ඇත්තෝ
දුකෙන් සතුටක්
පෙරා ගන්නැති.
.
එහෙම දහමක් ලෝකයේ ඇති
බවක් පන්සල කියාදෙන්නැති.
නෙල්ලියක් කෑ කෝඩු දවසෙම
දහම උන් සැම
රස විදින්නැති.
.
ගම් හතක් ගිනි බත් කරන් හෙම
ඉඩෝරය ගම් වදින්නත් ඇති.
හාමතේ උන් එකා දෙන්නා
නෙල්ලි ගහ ලඟ
වැද වැටෙන්නැති.
.
"වතුර මෙතනයි ළිදක් කපපං"
නෙල්ලි ගහ මුල සලකුණක් ඇති
නිල් කැටේ වන් වතුර අභියස
නෙල්ලි ගහ සිය
පණ පුදන්නැති..
.
#_අනුsh_

Comments

Popular Posts