මෝහිණී..

.

කන්න මොකවත් නැද්ද අහගෙන
හවස් යාමෙට මල්සරා
වෙලා හිටි හිමි ගුණේරිස් එයි
යක්ස ඇදුමක් අන්දවා..
.
වෙලේ හංගපු උණු උණුම බඩු
ඇස් පියාගෙන ලෙවකකා
කඩුල්ලෙන් පැන එන ගුණේරිස්
මහා සෝනව සිහිකලා..
.
කණත්තක සුව විදින ගැබ්බර
මුව දෙණකි ප්‍රිය පියලතා
හවස් වෙනකොට සොහොන් කොත් ගැන
හිතේ සතුටින් සිහිකලා..
.
එකක් මූනට, අනික පපුවට
වහින ගුටි හුරු පියලතා
අනේ කුස්සිය මුල්ලෙ ඉදගෙන
හිමින් කම්මුල දික්කලා..
.
දරුව වැදුවට කොහෙද මර බය
ගියේ නිවසින් ඉගිලිලා
බැරිම තැන හිමි කොටා මන්නෙන්
මැදියමේ පැල හැරගියා..
.
අතට අහුවුනු ස්වේත සාරිය
ඇස් පියාගෙන පටලවා
පියලතා කිරි සප්පයා ගෙන
සොහොන පැත්තට ගැටුවා..
.
#_අනුsh_

Comments

Popular Posts