අම්මා..!!

.

ළපටි ඇස් කඳුලක් හලද්දී
නුඹ නොමැති පෙරමං බලාගෙන
රැගෙන ගිය හැටි තාම මතකයි
ළඟට විත් සුලැගිල්ල දිගුකර..
.
පියාඹන්නට අවැසි බව මං
කියනකොට හිරිකඩ දවස්වල
ඉතිං පුත තව කල් තියේයැයි
තුරුළු කර හිස සිම්බ මවු නුඹ..
.
උස්ම උස් ගස් ඈත් දුටුවම
උස ගහක් උඹ වෙයන් දවසක
මගේ අඩවන් නළල සිඹ සිඹ
කියපු රාවය ඇසෙයි රිදුනම..
.
ඉතින් අම්මේ !! සමහර දවස් වල
සිංදු ඇහෙනව මවු ගුණේ ගැන
බෝඩිමේ පොඩි විජේ රවටා
ගිහින් හඬනව ඉකිය තදකර..
.
ලේසි නෑ උස ගහක් වූවම
එන්න තුරුලට හිතේ හැටියට
මාතු පාදං වචන සිහිකර
අදත් වඳිනව නුඹගෙ රූපෙට..
.
#_අනුsh_

Comments

Popular Posts