එක මිටට..!!

ලිවිය යුතු බොහෝ දේ ඇත
නොලිය යුතු යැයි
වද කරන.
.
දයාබර උඩු සුළඟ, යටි සුළං පිළිබද තවත් විශ්වාස කල නොහැකි තැන මෙසේ ලිවීමට සිදුවිය. සමන් මල් සුවඳ හමන කඩදාසි තව දුරටත් මා සතු නොවන බැවින්, ඉතා සාමාන්‍ය කොලයක් යොදා ගැනීම පිළිබද කණගාටු වෙමි.විටෙක උතුරු දෙසටත්,එසැනින් දකුණටත්, විතැන් වීමට තරම් යටි සුළං කුරිරු වී ඇති බව ඔබ නොදන්නවා විය නොහැක. ඇහැළ මල් සුවඳක් හමන බව කවුරු කොහොම කීවත් මුහුදු සුළං පවා ගෙන එන්නේ මඟහැරුණු දුරුත්තක ලුණු රසයක් වීම දුකකි. ඉතින් උඩු සුළං නොපමාව හැමිය යුතු කාලය එල්බ ඇත. පිළිතුරු ලිපි අනවශ්‍යය.
.
සමන් මල්
මල් පොකුරු
එක මිටට අරගතිමි
සල් ගසක මුල හිදන්
සිතාරය නද කලෙමි
දැන් එතැයි,
දැන් එතැයි
නොනිදාම මම කියමි
මැයි ගහක යටි පතුල
සිනිඳුවට පිරිමදිමි.
.
#_අනුsh_

Comments

Popular Posts