වසත් සමයේ අගක..

ඔබ විසින් නම් කෙරුව
වසත් සමයේ අගක
ඉතිරි සමණල් තටුවෙ
සුවඳ ඉව කර බලමි..
'වස්සානයක් මේක !!'
වර නගා ඔබ වැයුව
ඒ මියුරු සංධ්වනියෙ
සියුම් හැඩ තල සිඹිමි..
එක්තරා කාලයක,
අහම්බෙන් මඟහැරුන
මදාරා මල් සුවඳෙ
සුවය සිහිනෙන් විඳිමි..
.
තුනී සුසුමක් හෙලමි..
.
#_අනුsh_

Comments

Popular Posts