තිස් තුනක් දින නොමැති ඉල් මස.

.
නම නොදන්නා පාළු කතරක
ගිලී මිය ගිය මහළු සොහොනක
ඉන්ඩිගෝ පැහැ මල් පිපී ඇත
බිඟුන් ගැන කිසි වගක් නොතිබෙන.
.
ආදරේ මේ යැයි කියාගෙන
එකම පතකට පිණි බෙදාගෙන
ඒ සිසිල් වූ නිවී සැනසුන
කාලයක් විය දුර අතීතෙක..
.
එක් වරක් ඔබ කිව් විලාසෙට
පාට දේදුනු තිබූණු පලියට
ජීවිතේ හැඬ නොමැත මිහිරිය
විදුලි කෙටුමක ලකුණු නැතිකොට..
.
තඹර විල මැද ඉඩක් ලද තැන
තඹර පත් එහෙ මෙහේ කරගෙන
හිනාවෙන පුන් චන්ද්‍රයෙක් මෙන්
අහස් තලයක සඳක් හැඩ නැත.
.
හිස් කියන වචනය බදාගෙන
කෙස් ගසක් තනියට තියාගෙන
තිස් තුනක් දින නොමැති ඉල් මස
නිවී සැනසෙමි කැඩපතක් ළඟ..
.
#_අනුsh_

Comments

Popular Posts