අයිතියක් නැති ලෝකෙ, අයිතියක් හිමිවීම


.
ගහක් කියනා විටදි
එහේ මෙහෙ ලෙලදීම
මාරුතයෙ කෙනෙහිල්ල
නිතොරෝම ඉවසීම
මරණයකි තුරු පතට
නිදහසක් නැති වීම.
.
බිමට වැටුනත් මොකද
නටුව තුල සිර වීම
සුළංවල කයිවාරු
දැන දැනත් ඉහිලීම
පාපයක් නම් තමයි
ජීවිතය විදවීම.
.
පොළව මත වැතිරීල
පා යුගට පෑගීම
තැලී පොඩි වෙන විටදි
සීරුවට හිනහීම
සතුටක්‍ ය දැන දැනම
දුක් ගඟුලෙ කිමිදීම.
.
කොබෙයියෝ දන්නවද
අයිතියක් නැති ලෝකෙ
අයිතියක් හිමි වීම
ඇත්තටම විහිළුවකි
සුළඟෙ මේ හැසිරීම
අයිතියක් නෑ උන්ට
තුරු පතක් කැලඹීම..
.
එහා ඉත්තේ ඉන්න
සමණලිය දෙස බැලුම
අනන්තය තෙක් දුරට
සිතුවිල්ල පා කෙරුම
ආසාව උච්චත්ම
ළපටි තුරුපත් අපය
උහුලගන්නට හැකිද
ඒ ලෝකෙ දිය වීම.
.
මරණයකි තුරු පතට
නිදහසක් නැතිවීම.
.
#_අනුsh_

Comments

Popular Posts