මලක් ඇඬුවා..
.
ඈත කෙලෙවර
පුවක් ගහ යට
දෙතුන් දවසක් අඬ අඬා..
දිගට හරහට වැරදි කීවා
මලක් තණකොල
දුක් වෙලා..
..
කෙලින් ඇස් දෙක
වත්තෙ හරි මැද
රෝස පඳුරක් ඇත බලා..
නිතර ඔච්චම් කළා මා හට
එයා හරි ලස්සන නිසා..
..
ගෙදර ඇත්තොත්
කිසිම දවසක
බැලුවෙ නෑ මං ගැන සොයා..
රෝස පදුරට ආලෙ කෙරුවා
පුංචි දැරිවී සෝබනා..
..
බිඟුන් ඇවිදින්
විහිළු කෙරුවා
සුවඳ ලස්සන නැති නිසා..
මගේ ලස්සන පුංචි හදවත
හීරුනා දුක වැඩි නිසා..
..
මිනිස් හිත් ගැන
නිතර පත පොත
තුලින් දැක්කා කියවලා..
ඒත් කොහොමද නපුරු මා හට
ලොවේ මල්වැල් හැමදෙනා..
..
නිතර ඇහෙනව
රේඩියෝවෙන්
සිංදු කියනා මල් ගැනා..
උපන් දා සිට
බලං හිටියා නෑනෙ මං ගැන
ගායනා..
..
එක්කො කරුමෙයි
සිතා නාඩමි
කාටවත් නෑසෙන නිසා..
අනේ ආසයි බුදුන් පාමුල
පරව යන්නට හිනහිලා..
..
#_අනුsh_
Comments
Post a Comment