පහන දැල්විය යුතු නැත..!!


.
බොහොමයක් දේ අතර
නොතිබුණු එකම දෙය විය,
සිහින...!!
අමතකම රිදුමකි,
ශතවර්ෂයකට එහා ගිය
ඒ මතක සැමරුම.
බාල මුද්දක් ඒක..!!
සමෝසා රස තරමටම
ප්‍රේමයක් ඇති බව
වම් කනට කර
රහස් කෙදිරූ ඔබ
මෙතන තාමත් ඇත..
වම් උරහිස,
උණුසුම්ය ඒ තරමට.
නිවෙන්නට කියා දී
කඳු නැගපු ඇය
සුළඟ නුඹ සහ මම
අයැදිය යුතු නැත.
ජීවිතය කියන්නෙම
ආදරය නැති එක
පහන දැල්විය යුතු නැත
අඳුර අඳුරුම නැත..!!
.
#_අනුsh_

Comments

Popular Posts