මතක..

ඉරිද සිළුමිණ ගන්නවා
පිටුව දෙක තුන බලනවා
ඒත් එක්කම සිඟිති හූවෙන්
දැහැන් මගෙ බිද වැටෙනවා
පුංචි රැගුමක් රඟනවා
ළපටි අතපය වනනවා
පුතා දිගටම සිංදු කිය කිය
අමුතු නැටුමක් නටනවා
මොන්ටිසෝරියෙ කියා දුන්නැයි
දෑස් ලොකු කර බලනවා
මට නටන්නයි කියනවා
අඩිය තිය තිය
සිංදු කිය කිය
මාත් හිමිහිට නටනවා.
.
අදත් සිළුමිණ ගන්නවා
පිටුව සියවර බලනවා
කිසිම හූවක් නැතිව පත්තර
ගඟක ජීවිත ගෙවෙනවා
හිස්තැනක් ලොකු තියෙනවා
පැල්ලමක් ඉඟිමරනවා
ළපටි කොට්ටං ගසේ හැඩ දැක
ලොකු කතාවක් මැවෙනවා
ලියායන්නට හිතෙනවා
අන්න ඒ අන්තිම නිමේශෙදි
කඳුළු බිදුවක් පිපෙනවා
බිම වැටෙන්නද අහනවා
සොදුර දුව'විත් මා ළගින් හිද
උණු පපුව පිරිමදිනවා
'ඔබ දුකෙන් යැයි කියනවා'
හොරෙන් ඉදිකඩ බලනවා
ගොඩක් ඉස්සර මතක පොදි පොදි
තාම නිතරම මැවෙනවා.
සාලෙ මැද්දට දුවනවා
පරණ අහු මුලු අදිනවා
සොදුරි එක්කල
මතක හිරකල
පැරණි ඇල්බම් හොයනවා.
.
#_අනුsh_

Comments

Popular Posts