දර කෝටු..

..
එක මලක් වෙනුවට.
මල් පොකුරකින්ම
හැඩඋන
එදවස..
මිහිරිය, සුමිහිරිය
අපමණ..

..
සත පහක් නැතුවම.
කුරුළු යුවලක්
කන අද්දර
අඬ අඬා අතක්
ඉල්ලන විට..
"හා හොදයි" යැයි
හිමින් මිමිණුව
එදවස..
සතුටක් ය.
අදත් අපමණ..

..
එපමණ ද..
පවනට පෙම් කෙරුව
රිද්මෙට කොළ නැටුව
එදවස..
නැටුමකී
ජීවිතයම.

..
ගල් තුනක් මැද්දට.
යන්නට හූවක දුරක්
දුටුවම
"ටකස්" ගා හැඩූ
දර කෝටුවක
දිග කතාවක්
ඉතිරි වී ඇත..
..
#_අනුsh_

Comments

Popular Posts